මියුනිච් ප්රහාරය වසරකට වැඩි කලක් සැලසුම් කරලා
ජර්මනියේ, මියුනිච් නුවරදී ජීවිත 9ක් බිලිගනිමින් සිදුකළ වෙඩි ප්රහාරය වසරකට වැඩි කාලයක් පුරා සැලසුම් කරන ලද්දක් බව කියයි.
මෙම ප්රහාරය සිදුකළ 18 හැවිරිදි ඉරාන හා ජර්මානු ද්විත්ව පුරවැසිභාවය හිමි තරුණයාගේ කාමරය පරීක්ෂා කිරීමේදී ඔහු සමූල ඝාතන සිදුකිරීමේ උන්මාදයකින් පෙළුණු අයෙකු බව මේ වනවිට අනාවරණය වන බව අභිචෝදක පවසයි.
එමෙන්ම, මෙම ප්රහාරයට ගොදුරු වූවන් මොහුගේ පාසල් මිතුරන් නොවන බවද කියැවෙයි. මෙම 18 හැවිරිදි ප්රහාරකයා ඩේවිඩ් සන්බොලි ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔහු නීතිවිරෝධී අයුරින් මෙම ප්රහාරයට යොදාගත් ගිනි අවිය මිලදී ගෙන ඇති බවද අනාවරණය වී තිබේ.
ඒ අනුව, මෙම ප්රහාරය ත්රස්ත ප්රහාරයක් නොවන බව මෙතෙක් ලැබී ඇති සාක්ෂි අනුව පැහැදිලි වන බවත්, ඔහු බොහෝ කාලයක් සමාජශීලී වීමේ ප්රශ්නයකින් හා විභාගවලට මුහුණදීමේ අර්බුදයකින් මානසිකව පෙළුණු අයෙකු බවද අනාවරණය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

