තම නින්දට බාධාවක් යැයි පවසමින් මියන්මාර බෞද්ධ ආගමික උත්සවයක ශබ්ද විකාශන යන්ත්‍රය ක්‍රියාවිරහිත කළ නෙදර්ලන්ත ජාතික සංචාරකයෙකුට මාස තුනක සිර දඬුවමක් එරට අධිකරණය විසින් නියම කර තිබේ.
කෙසේ වෙතත්, ක්ලාස් හයිටේමා නමැති 30 හැවිරිදි මෙම තැනැත්තා අධිකරණය හමුවේ පවසා ඇත්තේ මැන්ඩලේ නගරයේ පැවති තම හෝටලයට ආසන්නයේ බෞද්ධ ආගමික උත්සවයක් සිදුවන බව නොදැන තමා මෙය සිදුකළ බවයි.
මේ අතර, මියන්මාර අධිකරණය විසින් ලබාදුන් මෙම තීන්දුව ඇතැම් බටහිර මාධ්‍යවල විවේචනයට ලක්ව ඇති අතර, මියන්මාරය බෞද්ධ ආගමික උත්සව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් විදේශිකයන් වෙත තද නීති පැනවීමක් සිදුකර ඇති බවට චෝදනාවක්ද සිදුකර තිබේ.
කෙසේ වෙතත්, මියන්මාර අධිකරණය අවධාරණය කර තිබුණේ මෙය හිතාමතා ආගමට අවමන් කිරීමක් බැවින් ඔහුට බරපතල වැඩසහිතව මාස තුනක සිර දඬුවමක් නියම කරන බවයි.
එමෙන්ම, සංචාරක වීසාවක් ලබාගැනීමේදී එම රටේ සංස්කෘතියට ගරු නොකිරීම යන චෝදනාව සඳහා එල්ල වීමට තිබූ තවත් මාස තුනක සිර දඬුවමෙන් නිදහස් වීමට ඔහුට හැකි වී ඇත්තේ දඩ මුදලක් ගෙවීමට එකඟවීම නිසාය.