මියන්මාරයේ හමුදා සෙබලු 07 දෙනෙකුට සිර දඬුවම්
මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදය අවස්ථාවේදී රොහින්ග්යාවරුන් 10 දෙනෙකු ඝාතනය කළේ යැයි චෝදනා ලද මියන්මාර හමුදා සාමාජිකයන් 07 දෙනෙකු වෙත දඬුවම් නියම කර තිබේ.
එරට හමුදාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මෙම සොල්දාදුවන්ට බරපතළ වැඩ සහිතව වසර 10 බැගින් වූ සිර දඬුවම් නියම වී ඇති බවයි.
මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදය පසුගිය වසරේදී වඩාත් දරුණු ස්වභාවයක් ගනු ලැබුවේ රඛයිනේ පාළාතේ සිටින ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් එරට පොලිස් ස්ථාන රැසක් ඉලක්ක කරමින් ප්‍රහාරයක් දියත් කිරීමත් සමගය.
මීට ප්‍රතිචාර ලෙස මියන්මාර හමුදාව රඛයිනේ පළාත තුළ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය.
ඒ අනුව, 650,000ක් පමණ රොහින්ග්යාවරුන් දේශසීමා පනිමින් බංග්ලාදේශය වෙත පළාගිය අතර, මියන්මාරයෙන් රොහින්ග්යාවරුන් සෝදා හරින බවට චෝදනා නැගුණි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මියන්මාර රජය ලෝකය හමුවෙන් පැන නගින චෝදනා හමුවේ වඩාත් ශක්තිමත්ව නැගී සිටි අතර, ඔවුන් ඊට සෘජුවම චෝදනා ලැබූ සොල්දාදුවන් පමණක් අධිකරණය හමුවට කැඳවීය.
එනමුදු, මේ සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය මැවූ චිත්‍රය සැබෑ චිත්‍රයට වඩා හාත්පසින්ම වෙනස් බව මියන්මාරයේ නිල නොලත් නායිකා අවුන්ග් සාන් සුඛි වරක් පවසා තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


