සැම්සුන් සමාගමේ උරුමකාරයා වන ලී ජා-යෝන්ග් දකුණු කොරියාවේ හිටපු ජනපති පාක් ග්වෙන් හයිගේ හිතවතියකගේ ලාභ නොලබන ආයතනයකට මහා ධනස්කන්ධයක් පිරිනැමීමේ චෝදනා යටතේ වසර පහක සිරදඬුවමක් නියම වී තිබේ.
තම ව්‍යාපාර වෙත දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඔහු මේ ආකාරයේ අල්ලස් ලබාදීමක් සිදුකර ඇති බවට දකුණු කොරියානු අධිකරණය පවසා සිටියේය.
අල්ලස් ලබාදීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් මත පසුගිය පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගැනුණු සැම්සුන් උරුමකරුවාගේ නඩු විභාගය මේ දක්වා විභාගයට ගැනුණි.
එරට හිටපු ජනපති පාක් ග්වෙන්-හයි වෙත සිය ධුරය අහිමි වූයේද මෙම දූෂණ චෝදනා යටතේය. ඇයට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ දෝෂාභියෝගයෙන් ජනපතිනිය පරාජයට පත්වූයේ තම හිතවතියට සැලකීමට ගොසිනි.
කෙසේ වෙතත්, දකුණු කොරියාවේ විශාලතම ව්‍යාපාරය වන සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජා-යෝන්ග් ඔහුට එරෙහිව නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි.
විදෙස් වාර්තා පවසා සිටියේ මෙම අධිකරණ නියෝගය ලබාදීමත් සමග කොටස් වෙළෙඳ පොළේ සැම්සුන් කොටසක අගය 1%කින් පහළ වැටුණු බවයි.