මිට්සුබිෂී සමාගමේ මෝටර් රථ තොගයක ඉන්ධන කාර්යක්ෂමතාවයේ සත්‍ය තොරතුරු වසන් කරමින්, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම සමාගම බලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබේ.
ජපානයේ ඔකාසාකි නුවර පිහිටි එම සමාගමේ කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීමට එහිදී බලධාරීන් ක්‍රියාකර ඇත.
මිට්සුබිෂී සමාගම පෙන්වාදෙන පරිදි සිය සේවක පිරිසක් විසින් එම සමාගම නිෂ්පාදනය කළ මෝටර් රථ 600,000 ක පමණ මෙසේ ඉන්ධන කාර්යක්ෂම දත්ත වෙනස් කරමින් පෙන්වා තිබේ.
කෙසේ වෙතත්, මෙය අතිශය බැරෑරුම් තත්ත්වයක් බව පවසන රජයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස මිට්සුබිෂී සමාගමට දන්වා ඇති බවයි.