මැලේසියාවත් IS රාජ්‍ය ත්‍රස්ත ඉලක්කයක් වෙයි
මැලේසියාවේ, ක්වාලලම්පූර් නගරයට ඔබ්බෙන් රට බීම හලක් අසලදී පුද්ගලයන් අට දෙනෙකුට තුවාල කරමින් සිදුවූ පිපිරීම එරට සිදුවූ ප්‍රථම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරය බව එරට බලධාරීහු පවසති.
පසුගිය ජූනි 28 වැනිදා සිදුවූ මෙම පිපිරීම ව්‍යාපාරික තරගකරුවන් අතර සිදුවූ ආරවුලක ප්‍රතිඵලයක් බව මුලින් පොලීසිය පැවසුවත්, මේ වනවිට එය එරට තුළ සිදුවූ ප්‍රථම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරය ලෙස පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
එමෙන්ම, මෙම ප්‍රහාරයට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද මැලේසියානු පොලීසිය පවසයි.
සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සමග එක්වීමට මැලේසියානු පිරිසක් දැනටමත් රට හැරගොස් ඇති නිසා මෙවැනි ප්‍රහාර සම්බන්ධයෙන් මුල සිටම එරට විමසිල්ලෙන් පසුවිය.
මුස්ලිම් රටක් වුවද, වඩාත් නම්‍යශීලී අදහස්වලින් යුතු වඩාත් දියුණු රාජ්‍යයක් ලෙස මැලේසියාවේ අන්තවාදයට ඉඩක් නොතිබුණත්, මේ වනවිට එරට තුළද අන්තවාදී අදහස් වපුරන්නන් විවිධ ක්‍රම ඔස්සේ ඉස්මතු වන බව අනාවරණය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

