මාස 10කට පසු ලෙබනනය සන්ධාන ආණ්ඩුවක් පිහිටුවයි
මාස දහයක පමණ කාලයක් තිස්සේ පැවති සාකච්ඡාවලින් පසුව ලෙබනනය අවසානයේදී නව ආණ්ඩුවක් පිහිටුවා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ප්‍රතිචාර පළ කළ යුතු අකාරය සහ ප්‍රධාන පෙළේ තනතුරු හිමි විය යුත්තේ කාටද යන්න පිළිබඳව මේ ආකාරයෙන් මාස දහයක කාලයක් තිස්සේ ඇතිවූ අප්‍රසන්න තත්ත්වය සහ තියුණු වෙනස්කම් නිමාවට පත් වෙතැයි බලාපොරොත්තු පළ වී තිබේ.
අමාත්‍යවරුන් 24 දෙනෙකුගෙන් සමන්විත නව ආණ්ඩුව හිස්බුල්ලා නායකත්වයක් සහිත ෂියා මුස්ලිම්වරුන් සහ හිටපු අගමැති සාඩ් හාරීරිගේ නායකත්වය පිළිගන්නා සුන්නි මුස්ලිම්වරුන් කණ්ඩායමක් අතර ඇතිකර ගත් එකතුවක් බවද කියැවෙයි.
නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස නම් කොට ඇති තමාම් සලාම් කියා සිටියේ අඩපණ වී ඇති ආර්ථිකය සහ සිරියානු සරණාගතයන්ගේ පැමිණීම නව ජාතික සමගි ආණ්ඩුව මුහුණදෙන ප්‍රධාන ගැටලුව වන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

