මාකෝ පෝලෝ චීනය වෙත ගොඩ බැසීමට වසර 1,500 කට පෙර චීනය සහ යුරෝපය අතර සබඳතා පැවති බවට විද්‍යාඥයන් පිරිසක් අලුත් මතයක් ඉදිරිපත් කර තිබේ.
චීනයේ පළමු වැනි අධිරාජ්‍යයාගේ සොහොන් ගැබ තුළ තිබී සොයාගෙන ඇති සටන්කාමීන්ගේ පිළිම පුරාණ ග්‍රීක සම්ප්රදායේ ආභාසය සහිතව නිර්මාණය වී ඇති බව පවසමින් ඔවුන් මෙම මතයේ පිහිටා ඇත.
ඒ අනුව, ක්‍රි.පූ. 3 වැනි සියවසේදී චීන ජාතිකයන් පුරාණ ග්‍රීක ශිල්පීන් අතින් පුහුණුව ලබා ඇති බවටත් එම විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.
13 වැනි සියවසේදී මාකෝ පෝලෝ චීනයේ සංචාරය කළ අතර, ඔහු එහි ළඟා වූ පළමු වැනි යුරෝපීය ජාතිකයා ලෙසද පිළිගැනෙයි.
කෙසේ වෙතත්, මෙම නවතම මතය පිළිබඳ තවදුරටත් අධ්‍යයන සිදුකෙරන බවත්, ඒ සම්බන්ධයෙන් විවාද පවතින බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.