මාකෙල් ගොඩබසින විට රුසියානු ලොරි නැවත යයි
රුසියානු ආධාර රැගෙන නැගෙනහිර යුක්රේනය වෙත බලහත්කාරයෙන් ඇතුළු වූ රුසියානු ලොරි රථ සියල්ලම නැවතත් දේශසීමා තරණය කර රුසියානු සීමාවට පැමිණ ඇති බව පැවසෙයි.
නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් ප්‍රදේශයෙන් මෙසේ ලොරි රථ නැවත රුසියාව වෙත ඇතුළු වී ඇති අතර, මේ තුළ සාමාන්‍ය ජනතාවට ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවතින බව පැවසුණත්, යුක්රේනය චෝදනා කළේ ඒවා කැරලිකරුවන් වෙත ලබාදෙන යුද ආධාර බවයි.
නමුත්, රුසියාව දිගින් දිගටම කියා සිටියේ එහි ජලය, ආහාර හා ජෙනරේටර් පමණක් ඇති බවයි.
මේ අතර, යුක්රේනය වෙත යූරෝ මිලියන 500ක ණය ආධාරයක් ලබාදෙමින් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් අද (23දා) යුක්රේනය වෙත පැමිණියාය.
මෙම මුදල් යුක්රේනයේ බිඳ වැටුණු යටිතල පහසුකම් සංවර්ධනයට යොදා ගැනෙනු ඇති බව යුක්රේන ජනපති පේට්‍රෝ පොරොෂෙන්කෝ සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී මාකෙල් කියා සිටියාය.
එමෙන්ම, ගැටුම්වලින් අනාථ වූවන් වෙනුවෙන් තවත් යූරෝ මිලියන 25ක ණය ආධාරයක් ලබාදෙන බවද ඇය කියා සිටියාය.
	.jpg) 
	.jpg) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                