මලාවි දේශයට බලපෑ ප්‍රබල ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 170ක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
දැඩි වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් බොහෝ නිවාස ජලයේ ගසාගෙන ගොස් ඇති බවත්, ජනතාව උස්බිම් කරා පැමිණ ඇති අතර, ඇතැම් පිරිස් අසල්වාසී මොසැම්බික් රාජ්‍යය දක්වා පැමිණ ඇති බවද කියයි.
මලාවි උප ජනාධිපතිවරයා පවසන්නේ ගංවතුර තත්ත්වය හේතුවෙන් ලක්ෂයකට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති බවයි. ඔවුන් වැඩි දෙනා දකුණුදිග මලාවි වැසියන් බවද හෙතෙම පවසයි.