ඊජිප්තු රජයට පහරදීම සඳහා සැලසුම් සකස් කිරීම පිළිබඳව චෝදනා ලැබූ ඊජිප්තු මුස්ලිම් සහෝදරත්වයේ නායක මොහොමඩ් බාඩි ඇතුළු 13 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබේ.
එමෙන්ම, ඇමෙරිකානු ඊජිප්තු ජාතිකයෙකු ඇතුළු තවත් 36 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් අධිකරණය විසින් නියම කරන ලදී.
පසුගිය මාර්තු මාසයේදී බාඩිට එරෙහිව දඬුවම් නියම වූ අතර, තවත් සිදුවීම් 40ක් පමණ සලකා බැලෙමින් මෙම දඬුවම් තහවුරු කිරීම සිදුව තිබේ.
කෙසේ වෙතත් මෙම දඬුවමට එරෙහිව අභියාචනයක් යොමු කිරීමේ හැකියාව පවතින බවද ඊජිප්තුවෙන් වාර්තා වෙයි.