දකුණු කොරියාව තුළ මර්ස් රෝගය පැතිරීම තවදුරටත් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
මේ වනවිට දකුණු කොරියාව තුළ රෝගීන් 145 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, රෝගය හේතුවෙන් මියගොස් ඇති පිරිස 15 දක්වා වැඩි වී ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම, ස්ලොවැකියාවේ සිටි කොරියානු ජාතිකයෙකුද වෛරසය සමග හඳුනාගෙන ඇති අතර, ඔහු එරට ස්ථාපිත KIA මෝටර් සමාගමේ සේවයේ නියුතුව සිටි අයෙකු බව කියැවෙයි.