මරණ දඬුවමට නියම වී වැඩිම කලක් සිරබත් කන්නේ ඔහුද?
මරණ දඬුවමට නියම වී වසර 40කට වැඩි කාලයක් රැඳවුම් භාරයේ සිටි පුද්ගලයකුගේ නඩුව යළි විභාගයට ගන්නා ලෙස ජපානයේ අධිකරණයක් නියෝග කිරීමේ පුවතක් එරටින් වාර්තා වෙයි.
1968 දී මෙසේ මරණ දඬුවම නියම වී ඇත්තේ ඉවාඕ හකමදා නමැත්තෙකි. ඔහු තම බිරිඳ සහ ඔවුන්ගේ දරු දෙදෙනා ඝාතනය කළ බවට චෝදනා එල්ල විය.
ඒ අනුව, දින 20ක කාලයක් ඔහු ප්‍රශ්න කිරීම්වලට හා පහරදීම්වලට ලක්විය. අවසානයේදී පාපොච්චාරණයක් කරමින් තමා මේ මරණ සිදුකළ බව ඔහු පිළිගත්තේය.
පාපෝච්චාරණ මත පිහිටා නඩු පැවරීම ජපාන පොලිසියේ සම්ප්රදාය වුවත්, එය බලය යොදා ලබාගත් බවට චෝදනා එල්ල විය.
කෙසේ වෙතත් මේ වනවිට හකමදා ගේ වයස අවුරුදු 68කි. මරණ දඬුවමට නියම වී ලෝකයේ දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ සිටින පුද්ගලයා හකමදා බවට විශ්වාස කරන්නේ යැයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය නිවේදනය කර තිබුණු බවද කියැවෙයි.
‘හකමදාට දඬුවම් පමුණුවා ඇත්තේ බලහත්කාරයෙන් ලබාගත් පාපොච්චාරණයක් මත බවත්, මෑතකදී ලබාගත් DNA සාක්ෂි මත පිළිතුරු නොලද ප්‍රශ්න ගණනාවක් තිබෙන බවත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ නැගෙනහිර ආසියාතික පර්යේෂණ අධ්යක්ෂ රෝසීන් රෛෆ් කියා සිටියේය.
	
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                