මධ්‍යම හා උතුරු යුරෝපය හරහා හමා යන දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ජර්මනිය, පෝලන්තය සහ චෙක් ජනරජය යන රටවල පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජර්මානු වෙරළ තීරයක කඳවුරු බැඳ සිටි 63 හැවිරිදි ජර්මානුවෙකු මුහුදේ ගිලීමෙනුත්, මෝටර් බෝට්ටුවක ගමන් කරමින් සිටි නිවාඩු ගතකරන්නනු දෙදෙනෙකු එම බෝට්ටුව පෙරලීමෙනුත් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර, චෙක් ජනරජයේ උස් කඳුකර ප්‍රදේශවල පැයට කිලෝමීටර් 180 ඉක්මවන සුළං පවතින බවද සඳහන් වෙයි.
මේ අතර, පෝලන්තයේ සහ චෙක් ජනරජයේ දස දහස් ගණනක් පිරිස තවමත් විදුලිය නොමැතිව පසුනඅ තර, මධ්‍යම ජර්මනියේ හැම්බර්ග් ප්‍රදේශයේ ජල ගැලීම් පවතින බවත් සඳහන් වෙයි.
මේ අතර, ජර්මනියේ දුම්රිය ගමන් වාර කිහිපයක්ම දැනටමත් නවතා දමා ඇති අතර, දුම්රිය මාර්ග කිහිපයකට බරපතල හානි සිදුව ඇති බවද සඳහන් වෙයි.
එමෙන්ම, චෙක් ජනරජයේද දුම්රිය සහ මහා මාර්ග කිහිපයකම බිඳ වැටීම් වර්තා වන බව වදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.