අප්‍රිකානු කලාපයේ සිට මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට සංක්‍රමණය වීමට දරණ උත්සාහයන් මෙන්ම, ඒ තුළින් සිදුවන මරණ වැළැක්වීම සඳහා යුරෝපා සංගමයේ විදේශ හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරු ලක්සැම්බර්ග් නුවරදී හදිසි හමුවක් පැවැත්වීමට නියමිතය.
ඊයේ (19දා) දිනයේදී ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්වීම මෙහි ආසන්නතම සිදුවීම විය.
මෙවැනි හදිසි විපත්වලදී යුරෝපා සංගමය විසින් මුදාගැනීම් හා සෝදිසි මෙහෙයුම් අඩු කිරීමට පසුගිය වසරේ ගනුලැබූ තීරණය සම්බන්ධයෙන්ද මේ මරණ සමග විවාදයට තුඩුදී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ උතුරු අප්‍රිකාව හා ඉතාලිය දක්වා වූ මාර්ගය මෙහිදී වඩාත් මාරාන්තිකම සංක්‍රමණික මාර්ගය වී ඇති බවයි.