අනවසර සංක්‍රමණිකයන් 700කට අධික පිරිසක් රැගත් බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදු සීමාවේදී ගිලී අනතුරට පත්වීමේ අවදානමක් හටගෙන ඇති බව ඉතාලි වෙරළාරක්ෂකයෝ පවසති.
මීටර් 20ක් පමණ දිගින් යුතු මෙම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව වාර්තාවීමත් සමග ජීවිත බේරාගැනීමේ මෙහෙයුමක් සිදුවන බව ඉතාලි බලධාරීහු පවසති.
මෙම මෙහෙයුමේදී මේ දක්වා පුද්ගලයන් 28 දෙනෙකු බේරාගෙන ඇති බවත්, මියගිය පුද්ගලයන් 24 දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති බවත් වාර්තා වෙයි.
මෙම වසරේදී පමණක් මධ්‍යධරණී සාගරයේදී සංක්‍රමණික බෝට්ටු අනතුරට පත්වී පුද්ගලයන් 900ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.