ලෝකයේ වර්තමාන මත්පැන් පරිභෝජනයේ යෙදෙන පුරුෂයන්ගේ අනුපාතයට ස්ත්‍රී අනුපාතයද සමීප වෙමින් පවතින බව හෙළි වී තිබේ.
වර්ෂ 1891 සිට 2001 වසර දක්වා මිලියන 4කට අධික පිරිසක් අධ්‍යයනය කිරීමෙන් සැකසූ නවතම වාර්තාවක් උපුටා දක්වමින් බී.බී.සී.ය මෙම කරුණු ගෙනහැර දක්වයි.
කෙසේ වෙතත්, තවමත් මත්පැන් පරිභෝජනය අතින් පිරිමි ඉදිරියෙන් සිටින අතර, ඒ හේතුවෙන් වැඩි රෝග ප්‍රමාණයකට පුරුෂ පාර්ශ්වය ගොදුරු වන බවද කියැවෙයි.
වර්තමානයේදී පුරුෂ පාර්ශ්වයේ කාර්යයන් හා සමවෙමින් ස්ත්‍රී පාර්ශ්වය කටයුතු කිරීමද, කාන්තාවන් ඉලක්ක කරමින් විවිධ මත්පැන් වර්ග හඳුන්වාදීමද මෙම තත්ත්වයට හේතු වී ඇති බවද එම අධ්‍යයන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.