මගී ගුවන් සේවා ක්ෂේත්රයේ මෙතෙක් බිහි වූ ළාබාලතම ගුවන් කපිතාන්වරිය කේට් මැක්විලියම්ස් බව ඊසි ජෙට් ගුවන් සේවය පවසයි.
ලොව පුරා ගුවන් ගමන් සිය ගණනක් වෙත පියාසර කරන ඇය පවසන්නේ තමාගේ වයස පැවසූ විට බොහෝ දෙනා විමතියට පත්වුවත්, ඔවුන් වැඩි දෙනෙකු තමාට ප්රශංසා කරන බවත්ය.
ගුවන් ක්ෂේත්රයේ ආධුනිකයෙකු ලෙස පියාසර අත්දැකීමක් ලබන විට තමාගේ වයස අවුරුදු 13ක් පමණක් බවත්, නමුදු ගුවන් කපිතාන්වරියක වීමේ සිහිනයක් තමාට නොතිබූ බවත් ඇය පවසයි.
2011 වසරේදී දෙවැනි නියමුවරියක් ලෙස ඊසි ජෙට් ගුවන් සේවයට එක් වූ ඇය සාර්ථක ලෙස ගුවන් නියමු පාඨමාලාව නිම කිරීම නිසා කපිතාන් නිලයට උසස්වීම ලබා තිබුණි.
අයිස්ලන්තය, ඊශ්රායලය සහ මොරොක්කෝව ඇතුළු ලොව පුරා ගමනාන්ත රැසක් වෙත පියාසරන ඇය A319 සහ A320 වර්ගයේ මගී ගුවන් යානා මෙහෙයවන බවද ඊසි ජෙට් ගුවන් සමාගම වැඩිදුරටත් පවසයි.