තායිලන්තයේ අභාවප්‍රාප්ත භූමිබෝල් අදුල්යාදේජ් රජුට අපහාස වන ආකාරයෙන් අන්තර්ජාලයට එකතු කළ දෑ ඉන් ඉවත් කිරීමට ගූගල් සමාගම එකඟ වූ බව තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පවසයි.
ගූගල් සෙවුම් යන්ත්‍රයේ, යූටියුබ් ජාලයේ සහ තවත් ගූගල් වැඩසටහන් තුළින් අන්තර්ජාලයට එකතු කර ඇති මෙම අපහාසාත්මක දත්ත ඉවත් කරන ලෙස ගූගල් සමාගමේ තායිලන්ත නියෝජිත පිරිස සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම එකඟත්වයට පැමිණි බව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ප්රජින් ජුන්ටොන්ග් පවසයි.
මේ සම්බන්ධයෙන් ගූගල් සමාගමෙන් විමසීමේදී ඔවුන් පෙන්වාදී ඇත්තේ සමාගම තුළ මේ වනවිට පවත්නා ප්‍රතිපත්ති මත පිහිටමින් මෙම ඉවත් කිරීම් සිදුකරන බවයි.
නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ජුන්ටොන්ග් පවසන්නේ රජු අභාවප්‍රාප්ත වූ දිනයේ සිට රජුට අපහාස වන ආකාරයෙන් අන්තර්ජාලය එකතු කළ දෑ 100ක් පමණ ගූගල් හා ඒ අශ්‍රිත වැඩසටහන්වල දක්නට ලැබුණු බවයි.
අභාවප්‍රාප්ත භූමිබෝල් රජුට අවසන් ගෞරව දක්වන මෙම අවස්ථාවේදී රජු වෙනුවෙන් අපහසාත්මක දෑ අන්තර්ජාලය තුළ ප්‍රචාරය කිරීම රජුට කරන අවමානයක් ලෙස තායිලන්ත ජනතාව සලකයි.
තායිලන්ත ජනතාවගේ හදවතේ රජු ලෙස සැලකෙන භූමිබෝල් අදුල්යාදේජ් රජු පසුගිය 13 වැනිදා අභාවප්‍රාප්ත වූයේ ලොව වැඩිම කලක් රාජ්‍යත්වය දරමින් සිටි රජු ලෙසිනි.