මීට දෙසතියකට පෙර අභාවප්‍රාප්ත වූ තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජුගේ දේහය දැකබලා ගනිමින්, රජුට අවසන් ගෞරව දැක්වීමට එරට ජනතාවට ප්‍රථම වරට අවස්ථාව සලසා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, තායිලන්තයේ, බැංකොක් නුවර රජ මාලිගයේ, රාජාසන ශාලාවේ තැන්පත් කර ඇති රජුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේ වනවිටත් රජ මාලිගය අසල පෝලිම් සැදී සිටින බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.
බලධාරීන් පවසන පරිදි සෑම දිනකම 10,000ක පිරිසකට රජුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවසර ලබාදී තිබේ.
තායිලන්ත ජනතාවගේ හදවතේ රජු ලෙස සැලකෙන භූමිබෝල් රජුට කෙරෙන නිල ගෞරව දැක්වීම වසරක කාලයක් සිදුවනු ඇති බවද විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, රජුට ගෞරව දක්වමින් මාලිගයෙන් පිටතට පැමිණෙන වැඩිදෙනා කඳුළු සලමින් පැමිණෙන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
තායිලන්තයේ නව රජු ලෙස ඔටුන්න හිමි මහා වජිරාලොන්ග්කෝර්න් කුමරු නිල වශයෙන් පත්කෙරුණද, සිය පිය රජුට අවසන් ගෞරව දැක්වීමට වැඩි කාලයක් අවශ්‍ය බව හෙතෙම පවසන නිසා, නව රජු ලෙස දිවුරුම්දීම වසරකින් පමණ පමාවනු ඇති බව තායිලන්ත රජය පවසයි.