මොරොක්කෝ සිට මධ්‍ය ධරණී මුහුද තරණයට කිරීමට පැමිණි අනවසර සංක්‍රමණිකයන් 600ක් බේරාගැනීමට පැය 24ක කාලයක් තුළ කටයුතු කළ බව ස්පාඤ්ඤ වෙරළාරක්ෂක බලකාය පවසයි.
මෙසේ බේරාගත් සංක්‍රමණිකයන් යාත්‍රා 15ක පමණ නැගී පැමිණ සිටි බවත්, ඒ අතර සෙල්ලම් ඔරු ආදී වශයෙන් මුහුදේ රළ සමග කිසිදු ආකාරයකින් පෙර බැදීමට නොහැකි ආකාරයේ යාත්‍රා මෙන්ම ජෙට් ස්කී පවා දැකිය හැකි වූ බවත් ඔවුහු පවසති.
එමෙන්ම, බේරාගත් සංක්‍රමණිකයන් අතර දරුවන් 35 දෙනෙකු හා එක් බිළිඳෙකුද සිටි බව කියැවෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙම වසර තුළ ස්පාඤ්ඤය වෙත අනවසර සංක්‍රමණිකයන් 9,000ක් පමණ පැමිණ ඇති බවයි. එය පසුගිය වසරට වඩා තුන් ගුණයක වැඩිවීමක් ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.
එමෙන්ම, මුහුදු මගින් පැමිණීමට උත්සාහ කිරීමේදී පුද්ගලයන් 120කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ ආකාරයෙන් ස්පාඤ්ඤය වෙත පැමිණෙන සංක්‍රමණිකයන් ඇදහිය නොහැකි ලෙස මෙම මාසය තුළ ඉහළ යාම තුළ සංක්‍රමණිකයන් පැමිණීමෙන් ඉහළම වාර්තාව තබා සිටි ග්‍රීසිය පරයමින්, ස්පාඤ්ඤය ඉදිරියට පැමිණ ඇති බවද එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ඒජන්සිය පවසයි.