ලිබියාවට ඔබ්බෙන් මධ්‍යධරණී සාගරයේදී අනවසර සංක්‍රමණිකන් රැගත් බෝට්ටු දෙකක් පෙරළීමෙන් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය ඉතාලි වෙරළාරක්ෂක භටයන් විසින් ලැම්පෙදූසා ඉතාලි දූපත වෙත රැගෙන ආ දිවි බේරාගත් සංක්‍රමණිකයන්ගෙන් ලද තොරතුරු අනුව 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව පවසයි.
මෙම වසර තුළ මෙම අති භයන්කර මධ්‍යධරණී මුහුද තරණය කිරීමට යෑමෙන් පුද්ගලයන් 4,200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සංක්‍රමණිකයන් පිළිබඳව ජාත්‍යන්තර සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි මෙම අනතුරුදායක සංචාරයෙන් වැඩිම ජීවිත හානි ප්‍රමාණයක් සිදුව ඇති වසර බවට 2016 වසර පත්වනු ඇත.