2013 බොස්ටන් මැරතන් තරගයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා 30කට මුහුණ දුන් ඩ්සොකාර් සර්නේව් එම සියලුම චෝදනාවලට වැරදිකරුවන් වී ඇති බවත්, ඉන් චෝදනා රැසක් වෙනුවෙන් ඔහු මරණ දඬුවමට මුහුණ දෙන බවත් විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකාවේ මැසචුසෙට්ස් අධිකරණයේ ජූරිය විසින් 21 හැවිරිදි සර්නේව් වෙත ලබාදෙන දඬුවම තීරණය කරනු ඇති බව කියැවෙයි.
2013 අප්‍රේල් මාසයේදී සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 260 දෙනෙකු තුවාල ලැබූහ.