එවරස්ට් කන්ද තරණය කළ ඉන්දීය ජාතික ප්‍රථම යුවළ බවට වංචාවක් සිදුකළ පොලිස් නිලධාරීන් දෙදෙනා සේවයෙන් පහ කිරීමට ඉන්දීය පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
දිනේෂ් සහ තාරකේෂ්වරී රතෝද් නමැති යුවළ පවසා සිටියේ පසුගිය වසරේදී ඔවුන් මීටර් 8,850ක් උස එවරස්ට් කඳු මුදුනට සාර්ථකව ළඟා වූ බවයි.
නමුත්, මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත පොලීසිය සඳුදා තහවුරු කරමින් පවසා සිටියේ ඔවුන් පරිගණක ඇසුරෙන් සැකසූ ව්‍යාජ ඡායාරූපයක් පෙන්වමින් එවරසට් තරණය කළ බවට නොමග යැවීමක් සිදුකර ඇති බවයි.
මෙම යුවළ පිළිබඳ පරීක්ෂණයක් කිරීම ආරම්භ කළේ ඔවුන්ගේ එවරස්ට් තරණය සම්බන්ධයෙන් කඳු තරණය කරන්නන් විසින්ම ගෙනඑන ලද චොදනාවන් නිසාය.
කෙසේ වෙතත්, රැකියාවෙන් පහ කිරීමට අමතරව ඔවුන් වෙත තවත් දඬුවමක් නියම වන්නේද යන්න මෙතෙක් පැහැදිලි නොමැති බව ඉන්දීය මාධ්‍ය පවසයි.