බොරු කොණ්ඩයක් නැති බව ට්රම්ප් ඔප්පුකර පෙන්වයි
ඩොනල්ඩ් ට්රම්ප්ගේ කොණ්ඩය බොහෝ විට ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර සිටම කතාබහට ලක්වූ මාතෘකාවකි.
කෙසේ වෙතත්, ඩොනල්ඩ් ජනාධිපතිවරණයට පැමිණීමෙන් පසුව ඔහුගේ ප්රතිවාදීන් විසින් ඩොනල්ඩ් බොරු කොණ්ඩයකින් සැරසී සිටින්නෙකු බවට වරින් වර චෝදනා කරන්නට විය.
පසුගියදා ප්රකට 'ටුනයිට් ෂෝ' රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ ඩොනල්ඩ් ට්රම්ප් මේ සෑම කටකතාවකටම පිළිතුරක් ලබාදුන්නේ, එම වැඩසටහනේ නිවේදක ජිමී ෆෝලන්ගේ ඉල්ලීමකට අනුවය.
එහිදී, ජිමී පවසා සිටියේ ඩොනල්ඩ් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වුවහොත් තමාට කිසි අවස්ථාවක මෙම යෝජනාව ඩොනල්ඩ් වෙත කිරීමට නොහැකි වන නිසා, මෙම යෝජනාව කරන බවය.
ඒ අනුව, ඩොනල්ගේ කොණ්ඩය අවුල් කිරීමට තමාට අවස්ථාවක් ලබාදෙන්නේ දැයි ජිමී ප්රශ්න කළේය.
මේ ප්රශ්නයෙන් ට්රම්ප් තරමක් බැරෑරුම් ඉරියව්වක් මුලින් දැක්වුවත්, ඔහුගේ ඉල්ලීම ප්රේක්ෂක ප්රතිචාර මැද ඉටුකිරීමට ට්රම්ප් අවස්ථාව ලබාදෙනු ලැබීය.
ඒ අනුව, ජිමී විසින් ඩොනල්ඩ් ට්රම්ප්ගේ හිසකේ වේගයෙන් අවුල් කරගෙන ගිය අතර, තමාට බොරු කොණ්ඩයක් නොව, සැබෑ සුවිශේෂී කොණ්ඩයක් පවතින බව ට්රම්ප් එහිදී ප්රකට කරන්නට විය.
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

