නයිජීරියාවේ බොකෝ හරාම් ත්රස්තයන් විසින් මීට වසර දෙකකට පෙර පැහැගනු ලැබූ චිබොක් පාසල් දැරියන් අතරින් පසුගියදා හමුවූ දැරිය එරට මුහම්මදු බුහාරි හමුවී තිබේ.
19 හැවිරිදි අමීනා අලි න්කෙයි නමැති මේ දැරිය හමුවන විට, බිළිඳියකගේ මවක වී සිටි බවත්, බොකෝ හරාම් ත්‍රස්තයෙක් අයව බලහත්කාරයෙන් සරණපාවා ගෙන ඇති බවද අනාවරණය වී තිබේ.
2014 වසරේදී චිබොක් නගරයේ, උසස් පාසලේදී බොකෝ හරාම් ත්රස්තයන්ට ඇය සමග තවත් දැරියන් 219 දෙනෙකු ගොදුරු වූහ.
කෙසේ වෙතත්, ඇයගේ නැවත සොයාගැනීමට ලැබීම පිළිබඳ සතුට පළ කළ නයිජීරියානු ජනාධිපතිවරයා, ඇය මවක් වුවත්, ඇයගේ අධ්‍යාපන කටයුතු නොකඩවා කරගෙන යාමට අවස්ථාව සැලසීමට කටයුතු කරන බවද කියා සිටියේය.