2014 වර්ෂයේදී බොකෝ හරාම් ඉස්ලාම් අන්තවාදීන් විසින් පැහැරගන්නා ලද නයිජීරියාවේ, චිබෝක් පාසල් දැරියන්ගෙන් 21 දෙනෙකු නිදහස් කර තිබේ.
නයිජීරියානු පාලකයන්, බොකෝ හරාම් අන්තවාදීන් සමග සිදුකරන නවතම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ගැහැණු දරුවන් පිරිස නිදහස් කර තිබේ.
මෙසේ නිදහස් කෙරුණු ගැහැණු දරුවන් තවම ආරක්ෂක අංශ භාරයේ පසුවන බව එරට රජය පවසා සිටියි.
ඊසානදිග නයිජීරියාවේ, චිබෝක් නගරයේදී පාසල් දැරියන් 270ක් පමණ බොකෝ හරාම් ඉස්ලාම් අන්තවාදීන් විසින් පැහැරගන්නා ලද අතර, බටහිර අධ්‍යාපනයට විරෝධය පා ඔවුන් මෙම පැහැරගැනීම සිදුකර තිබුණි.
කෙසේ වෙතත්, මෙය ජාත්‍යන්තරය තුළද දැඩිව කතාබහට ලක්වූ සිදුවීමක් වූ අතර, අපේ දියණිවරුන් යළි ලබාදෙන්න යැයි පවසමින් සමාජජාල ව්‍යාපාරයක්ද දියත් කෙරිණි.
කෙසේ වෙතත්, මෙසේ පැහැරගැනුණු බොහෝ දරුවන් ඉස්ලාම් අන්තවාදීන්ගේ ලිංගික වහලුන් ලෙස කටයුතු කර ඇති බවටද පසුව තොරතුරු වාර්තා විය.