බොකෝ හරාම් පැහැරගත් සිසුවියන් පිටුවහල් කරලා
නයිජීරියාවේදී ඉස්ලාමීය සටන්කාමීන් විසින් පැහැර ගන්නා ලද ඇතැම් පාසල් සිසුවියන් අසල්වාසී රටවලට රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව එරට බලධාරීහු පවසති.
තුවක්කුකරුවන් ගැහැණු දරුවන් රැගෙන දේශසීමා පසුකර ඇති බවට තොරතුරු වාර්තා වන බව ඔවුහු වැඩිදුරටත් පවසති.
එහිදී ඇතැම් ගැහැණු දරුවන්ට ඉස්ලාමීය සටන්කාමීන් සමග විවාහ වන ලෙස බලකර ඇති බවටද තොරතුරු ලැබී තිබේ.
මීට සති දෙකකට පෙර නයිජීරියාවේ, බොර්නෝ ප්රාන්තයේ, චිබොක් හි පාසලකට සටන්කාමීන් විසින් එල්ල කළ ප්රහාරයකින් පසුව එම පාසලේ නේවාසිකාගාරයේ සිටි ගැහැණු දරුවන් සිය ගණනක් අතුරුදන්ව තිබේ.
අල්කයිඩා හිතවාදී බෝකෝ හරාම් ත්රස්තවාදීන් වෙත මෙහි වගකීම පැවරෙන අතර, ඔවුන් මේ සම්බන්ධයෙන් මෙතෙක් අදහස් දැක්වීමක් සිදුකර නැත.
කෙසේ වෙතත් පැහැරගැනීමට ලක්වූ ගැහැණු දරුවන්ගෙන් 43 දෙනෙකුට නිදහස ලැබුණු අතර, තවත් 230 දෙනෙකු පිළිබඳව තවමත් තොරතුරක් වාර්තා නොවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

