බොකෝ හරාම් නායක අබුබකර් ෂෙකාවු මීට සතියකට පෙර නයිජීරියානු ආරක්ෂක අංශ ප්‍රහාරයකින් මියගිය බව පැවසුණත්, ඔහු නවතම වීඩියෝවක පෙනී සිටිමින් කියා සිටින්නේ තමන් මියගිය බවට ආරක්ෂක අංශ විකාර දොඩවන බවයි.
ඔහු එම වීඩියෝවෙන් වැඩිදුරටත් පවසා සිටින්නේ මීට සති තුනකට පෙර අතුරුදන් වූ නයිජීරියානු ගුවන් හමුදා ජෙට් යානය බොකෝ හරාම් ප්‍රහාරයකින් විනාශ වූ බවයි.
පසුගිය සතියේදී ඔහු මිය ගිය බව පැවසූ ආකාරයටම මීට පෙර 2013 අගෝස්තු මාසයේදීද ඔහු මියගිය පුවතක් වාර්තා විය.
නයිජීරියාව තුළ ඉස්ලාම් අන්තවාදය වපුරන බොකෝ හරාම් අන්තවාදීන් මනුෂ්‍ය ඝාතන මෙන්ම පුද්ගල පැහැරගැනීම් රැසකට වගකිව යුතු සංවිධානයකි.
ඔවුන් මිට පෙර ගැහැණු දරුවන් 200කට වැඩි පිරිසක් පැහැරගත් අතර, ඔවුන් බටහිර අධ්‍යාපනය ලබන බව පවසමින් මෙසේ එම දරුවන් පැහැර ගැනුණි.