නයිජීරියාවේ බොකෝ හරාම් ත්රස්තයන් විසින් පැහැරගන්නා ලද චිබොක් දැරියන් එම සංවිධානය වෙත බලහත්කාරයෙන් බඳවාගෙන ඇති බව බී.බී.සී.ය පවසයි.
ඇසින් දුටු සාක්ෂිවලට අනුව මෙම දැරියන් මේ වනවිට ත්රස්තවාදීන් ලෙස කටයුතු කරන බවත්, ඔවුන් මරාගෙන මැරෙන බෝම්බකාරියන් බවට පත්කර ඇති බවත් පැවසෙයි.
2013 සිට නයිජීරියාවේ ක්රියාත්මක වන බොකෝ හරාම් ත්රස්තයන්ගේ ම්ලේඡ ප්රහාර හේතුවෙන් මේ වනවිට පුද්ගලනයන් 5,500ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
චිබොක් නගරයේ පාසල් සිසුවියන් 299ක් තවමත් අතුරුදන්ව සිටින අතර, ඔවුන් පැහැරගෙන ගොස් වසරකට වඩා වැඩිය. පැහරගත් සිසුවියන්ගෙන් වැඩිපිරිස කතෝලික භක්තිකයන් බවද කියැවෙයි.