බොකෝ හරාම් ඉස්ලාමීය ජිහාඩ් ත්රස්තයන් යැයි චෝදනා ලැබූ 800ක් නයිජීරියානු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
නයිජීරියානු ඉතිහාසය තුළ ත්රස්ත චෝදනා යටතේ පැවැත්වෙන දැවැන්තම නඩු විභාගය ලෙස මෙය ඉතිහාසගත වෙයි.
7,000ක් පමණ වන බොකෝ හරාම් චූදිතයන් අතරින් මෙසේ අධිකරණය වෙත ඉදිරිපත් කළ පළමු වැනි කණ්ඩායම ලෙසද මොවුහු සැලකෙති.
නයිජීරියාවේ, කයින්ජි නගරයේ යුද හමුදා කඳවුරක් තුළ අතිශය රහසිගතව මෙම නඩු විභාගය ඇසීමට යන අතර, මේ සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ගේ ඥාතීන් හා විවිධ ක්රියාධරයන් විරුද්ධත්වය ප්රකාශ කර තිබූ බවද කියැවෙයි.
කෙසේ වෙතත්, හමුදා කඳවුරකදී මෙම නඩුව ඇසුණත්, එය සිවිල් අධිකරණයේ විනිශ්චයකාරවරුන් විසින් අසනු ලබන නඩුවක් බව නයිජීරියානු රජය අවධාරණය කර ඇත.