ඊසානදිග නයිජීරියාවේ ගම්මානයක් වෙත බොකො හරාම් ඉස්ලාමීය අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගල ජීවිත රැසක් අහිමි වී ඇති බව වාර්තා වෙයි.
ඩම්බොආ නගරය හා අවට ගම්මානයේ ඇති නිවාසවලින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ත්රස්තයන් විසින් ගිනිතබා ඇති බවත්, ඒ අතර, නගරයේ ප්‍රධාන වෙළෙඳ පොළද පවතින් බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මේ දක්වා, මියගිය පිරිසෙන් 20කට අධික මළ සිරුරු සොයාගෙන තිබේ. පැය කිහිපයක් පැවති මෙම ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් මිය යන්නට ඇතැයි විශ්වාස කරති.
ඉස්ලාමීය රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ අරමුණින් සටන් වදින බොකො හරාම් ත්රස්තයන් පසුගිය වසර කිහිපය තුළ නයිජිරියාව තුළ මිනිස් ජීවිත දහස් ගණනින් බිලිගෙන ඇත.
ඔවුන් පසුගිය අප්‍රේල් මාසයේදී එරට පාසලක අධ්‍යාපනය ලබන ගැහැණු දරුවන් 200ක් පමණ පැහැරගෙන ගිය අතර, බටහිර අධ්‍යාපනයෙන් වළකින්න යන්න තේමාව කරගෙන ඔවුන් පාසල් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරති.