බුරුන්ඩි රාජ්ය තුළ අසාර්ථක හමුදා කුමන්ත්රණය මෙහෙයවීමට සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් 18 දෙනෙකු එරට අධිකරණය හමුවට පැමිණ වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
බුරුන්ඩි ජනාධිපති පියරේ න්කුරුන්සිසාට එරෙහිව පසුගිය සතියේදී දියත් කළ හමුදා කුමන්ත්රණයේ සැලසුම් දියත් කළ හමුදා නායකයන්ද මේ අතර සිටින බව කියැවෙයි.
මේ අතර, මෙම හමුදා කුමන්ත්රණය අතරතුර සිදුවූ වෙඩි තැබීම්වලින් තුවාල ලැබූවන් මේ වනවිට ප්රතිකාර ලබමින් සිටින බවද පැවසෙයි.
මෙම හමුදා කුමන්ත්රණයේ නායකත්වය ගත් ජෙනරාල් ගොඩ්ෆ්රොයිඩ් නියොම්බාරේ පැනගොස් ඇති අතර, ඔහු අල්ලා ගැනීමටද මෙහෙයුම් දියත් වන බව කියැවෙයි.
ජනාධිපතිවරයා තෙවරක් ජනාධිපති ධුරයේ තරග වැදීමේ සිදුවීම මෙම හමුදා කුමන්ත්රණයට හේතු වූ විය.