ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වයෙන් ඉවත්වූ ප්‍රථම රාජ්‍යය බවට බුරුන්ඩි රාජ්‍ය පත්ව තිබේ.
මෙම අධිකරණය හිතාමතාම අප්‍රිකානුවන් චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව පවසමින් බුරුන්ඩි රාජ්‍යය මෙම තීරණයට පැමිණ තිබේ.
බුරුන්ඩි රජය මානව හිමිකම් උල්ලංඝනය කරන බවත්, ඔවුන් මනුෂ්‍යත්වයෙන් ඔබ්බට අපරාධ සිදුකරමින් සිටින බවත් පවසන එක්සත් ජාතීන්, එරටට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණයේ කඩිනමින් චෝදනා ගොනු කිරීමට සූදානමින් සිටියි.
කෙසේ වෙතත්, බුරුන්ඩි රාජ්‍ය මේ ආකාරයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම එරටට එරෙහිව ඇරඹි පරීක්ෂණවලට බලපෑමක් නොකරන බව විදෙස් වාර්තා පවසිය.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් බුරුන්ඩි රාජ්‍ය එහි සාමාජිකත්වයෙන් ඉවත්වීම තුළ අප්‍රිකානු කලාපයේ වෙනත් රටක චෝදකයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන්ගේ සහාය ලබාගැනීම අපහසු වනු ඇති බව කියැවෙයි.
විශේෂයෙන්ම සුඩාන් ජනාධිපති ඕමාර් අල් බෂ්ර් අධිකරණය හමුවට පමුණුවාගැනීම බුරුන්ඩි රාජ්‍යයේ මෙම ඉවත්වීමත් සමග ගැටලු මතුකර තිබේ.