බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ අගනුවර ස්ප්ලෙන්ඩිඩ් හෝටලය ඇතුළු තවත් අවන්හලක් වෙත පසුගිය 15 වැනිදා රාත්‍රි එල්ල වූ ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් වාර්තා පවසන පරිදි මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 56 දෙනෙකු තුවාල ලබා තිබේ.
මියගිය පිරිස අතර සිටි පුද්ගලයන් 6 දෙනෙකු කැනේඩියානු ජාතිකයන් බව මේ වනවිට හඳුනාගෙන ඇත.
ඉස්ලාමීය මග්හෙර්බ් හි අල්කයිඩා සංවිධානය නමැති ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම මෙම ප්‍රහාරයේ වගකීම බාරගත් අතර, මෙම ප්‍රහාරයත් සමග ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීම හේතුවෙන් බුර්කිනා ෆාසෝ හමුදාව හා ප්‍රංශ විශේෂ කාර්ය බලකාය එක්ව විශේෂ මෙහෙයුමක්ද දියත් කළේය.
කෙසේ වෙතත්, මෙම අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් එරට තුළ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.