බීබර් ලැගුම් ගන්නා අභ්‍යවකාශ මන්දිරය
මෑත කාලයේදී වඩාත් විවාදයට තඩුදි සිටින කැනේඩියානු ජාතික පොප් ගායක ජස්ටින් බීබර් මේ දිනවල ඇමෙරිකාවේ ඇට්ලන්ටාහි පිහිටි අභ්‍යවකාශ යුගයේ සුවිසල් මන්දිරයක නවාතැන ගෙන සිටින බව පැවසෙයි.
ඔහු මාස තුනක කාලයක් සඳහා අති විශාල මුදලක් ලබාදී මෙම සුවිසල් මන්දිරය බදු ගෙන ඇති බව වාර්තා වන අතර, මෙය අභ්‍යවකාශ යානයක හැඩයට නිමවී තිබීමද ඔහුගේ සිත් පැහැර ගැනීමට හේතුවක් බව කියැවෙයි.
වර්ග අඩි 5,500ක් පුරා විහිදුණු මෙම මන්දිරය ඇට්ලන්ටා හි ධන කුවේරයන් ගැවසෙන බක්හෙඩ් ආශ්‍රිතව ඉදිකර තිබේ. පරිසරයත් සමග බද්ධ වෙමින් නිර්මාණය කර ඇති මෙය පරිසරයේ සුවය මන්දිරය තුළ සිට වුවද විඳිය හැකි ආකාරයෙන් සැලසුම් කර තිබේ.
දැනට මෙම මන්දිරය බදු ගෙන සිටින බීබර් මේ ආශ්‍රිතව තමන්ටම අයත් මන්දිරයක් මිලදී ගැනීමට සූදානමින් සිටින බවද වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

