ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය පසුගියදා මුහුණදුන් දැඩි ගංවතුර තත්ත්වයට හේතුව මීයන් බවට ජල සම්පත් භාර ප්‍රාන්ත ඇමතිවරයා චෝදනා කර තිබේ.
මෝසම් වර්ෂාව සමග ඇති වූ මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගල ජීවිත 500ක් පමණ අහිමි වූ අතර, තවත් කෝටියකට අධික ජනතාවකට උන්හිටි තැන් අහිමි විය.
ජල සම්පත් භාර අමාත්‍ය රජීව් රංජන් පවසන්නේ ජල බාධක ඉවුරු මීයන් විසින් හෑරීම නිසා මේ ආකාරයේ දැවැන්ත ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබූ බවයි.
නමුත්, මේ ආකාරයට මීයන් එම ස්ථාන වෙත ආකර්ෂණය වීම සඳහා ජල බාධක ඉවුරු ආසන්නයේ ජීවත්වන මිනිසුන්ද වගකිව යුතු බව කියැවේ.
මන්දයත්, ඔවුන් ගබඩා කරන ආහාරවලට මීයන් පුරුදුවීම නිසා ඔවුන් මේ ස්ථානවල ජීවත්වීමට හුරුවෙති. එහි ප්‍රතිඵලයක් ලෙස ජල බාධක ඉවුරු මීයන් හැරීමට පටන්ගෙන ඇති අතර, හදිසි ජලගැලීම්වලදී මෙම දුර්වල ඉවුරු කඩාගෙන ගොස් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.