ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දැවැන්ත විද්‍යුත් ප්රචාරක පුවරුවක් (බිල්බෝඩ් එකක්) හැක් කරමින්, කාර්ය බහුල අවස්ථාවකදී එහි අසභ්‍ය චිත්‍රපටයක් ප්‍රචාරය කළ අයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
24 හැවිරිදි පරිගණක වැඩසටහන් ශිල්පියෙකු මෙම අපරාධය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව වසර හයක සිරදඬුවමක් නියම වනු ඇති බව ආරක්ෂක අංශ පවසයි.
දකුණුදිග ජකර්තාන නගරයේ දැවැන්ත විද්‍යුත් බිල්බෝඩ් එක මත ජපාන අසභ්‍ය චිත්‍රපටයක් ප්‍රචාරය වනු දැක එම මාර්ගයේ ගමන්ගත් බොහෝ දෙනෙකු විමතියට පත්ව ඇති බවත්, විනාඩි පහක පමණ කාලයක් ප්‍රචාරය වූ මෙම වීඩියෝව විදුලිය විසන්ධි කිරීමෙන් නවතා දමා ඇති බවත් එරට මාධ්‍ය කියයි.
එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කළ ඇතැම් අය මෙම දර්ශනය තම ජංගම දුරකථනවල පටිගත කරමින් එය සමාජජාල තුළ ප්‍රචාරය කිරීම නිසා මින් බලවත් සමාජ අපරාධයක් සිදුව ඇති බව පෙන්වා දෙයි.
මෙම පුද්ගලයා සිය කාර්යාලය තුළදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු මෙය කිසිවෙකුගේ ආධාරයෙන් තොරව තනිව සිදුකළේ යැයි පාපොච්චාරණය කර ඇති බවත් එරට පොලීසිය වැඩිදුරටත් පවසයි.