බිරිඳ විසින් තමා වෙත එල්ල කර තිබෙන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි පවසා ඇත්තේ ඇයට හිමි ස්ථානය තම නිවසේ කුස්සිය බවයි.
ජර්මනියේ සංචාරයක නිරතව සිටින අවස්ථාවේදී නයිජීරියානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ද පසෙකින් තබා ගනිමිනි.
"බිරිඳ මොන පක්ෂයකට අයිති කෙනෙක්ද කියල නම් මම දන්නෙ නැහැ. ඒත් ඇය අයිති මගේ කුස්සියට, මගේ විසිත්ත කාමරයට වගේම, නිවසේ අනෙක් කාමරවලට විතරයි" යනුවෙන් බුහාරි මෙම අදහස් දක්වන විට ඔහුට පසෙකින් සිටින ජර්මානු චාන්සලර්වරිය අතිශය තියුණු බැල්මක් ඔහු වෙත හෙළන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
නයිජීරියානු ජනාධිපති ආර්යා අයිෂා බුහාරි මීට පෙර පවසා තිබුණේ වත්මන් නයිජීරියානු ආණ්ඩුව ඩැහැගැනීමේ පිළිවෙතින් තම ස්වාමියා ඉවත් නොවන තුරු තමා මීළඟ ජනාධිපතිවරණයේදී ඔහුට සහාය ලබානොදෙන බවයි.
කෙසේ වෙතත්, ජර්මනියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බුහාරි පවසා සිටියේ තමන් මීළඟ ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වෙමින් ජයග්‍රහණය ලබන බවයි.
නයිජීරියානු ජනාධිපති ආර්යා අයීෂා එරට ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක් මෙන්ම, සමාජ ක්‍රියාකාරිනියක් ලෙසද ප්‍රකට බව විදෙස් මාධ්‍ය පවසයි.