සුප්‍රසිද්ධ ගායිකා බියොන්සේගේ ජීවිත කාතාව අළලා ඩෙන්මාර්ක විශ්වවිද්‍යාලයක් විසින් බියොන්සේ නමින් විශේෂ පාඨමාලාවක් හඳුන්වාදී තිබේ.
එරට මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම පාඨමාලාව හැදෑරීම සඳහා දැනටමත් සිසුන් 75 දෙනෙකු ඉල්ලුම් කර ඇත.
කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ මෙම බියොන්සේ පාඨමාලාව සඳහා මේ වනවිටත් ඉහළ ආකර්ෂණයක් ලැබෙමින් පවතින අතර, ස්ත්‍රී පුරුෂභාවය හා ජාතිකත්වය සම්බන්ධයෙන් මෙම පාඨමාලාවේ අධ්‍යයන කටයුතු සිදුකෙරෙනු ඇති බව කියැවෙයි.
එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එරික් ස්ටෙයින්ස්කොග් ඩෙන්මාර්ක මාධ්‍ය වෙත පවසා සිටියේ මෙම පාඨමාලාවට සම්බන්ධ වන සිසු සිසුවියන්ට බියොන්සේගේ ගී පද, වීඩියෝ මෙන්ම, ඇයගේ රංගනයන්ද අත්දැකීමට අවස්ථාව සලසන බවයි.
මෙය කලා හා සංස්කෘතික අධ්‍යයන පිළිබඳ උපාධි අපේක්ෂකයන්ට තම උපාධිය වෙනුවෙන් අමතර ලකුණු ප්‍රමාණයක් උකහාගත හැකි පාඨමාලාවක් ලෙස සැකසෙන බවද මහාචාර්යවරයා පවසයි.
"මෙහිදී, ඇයගේ ගීත හා සංගීත වීඩියෝ විශ්ලේෂණය කිරීමක් අප සිදුකරනවා. එහිදී, ස්ත්‍රී පුරුෂභාවය, ලිංගිකත්වය සහ ජාතිකත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු වේවි."
"ඒ වගේම කළු ජාතික කාන්තාව පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත් ඇගේ කතාව අපට ඉවහල් වේවි. මෙය ස්කැන්ඩිනේවියානු රාජ්‍යයන් නොදන්නා කතාවක්" යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි.