උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමග ලබන මස පැවැත්වීමට තිබූ හමුව ඩොනල්ඩ් ට්‍රම්ප් අවලංගු කිරීමත් සමග, තමන් ඕනෑම වේලාවක ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සූදානම් බව උතුරු කොරියාව යළි දන්වා තිබේ.
කෙසේ වෙතත්, සිය තීරණය දැනුම් දීමට පෙර උතුරු කොරියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කිම් ක්යේ-ග්වාන් පවසා තිබුණේ ඇමෙරිකානු නායකයාගේ තීරණය අතිශය කනගාටුදාය තීරණයක් වූ බවයි.
උතුරු කොරියාව විවෘතව එදිරිවාදීකම්පාන බව පවසමින් ට්‍රම්ප් මෙම හමුව අවලංගු කර තිබුණු බව ධවල මන්දිර තොරතුරුවල සඳහන් විය.
කෙසේ වෙතත්, ප්යොන්ග්යැන් පාලනය විසින් මෙසේ ඉදිරිපත් කර ඇති නව යෝජනාව ට්‍රම්ප්ගේ පැසසුමට ලක්ව අති බවද කියැවේ.
එය අතිශය උණුසුම් මෙන්ම ඵලදායී තීරණයක් වනු ඇති බව ට්‍රම්ප් එහිදී, පවසා තිබුණි.
ලෝකයම බලා සිටින මෙම හමුව උතුරු කොරියානු නායකයෙකු හා ඇමෙරිකානු නායකයෙකු ප්‍රථම වරට මුහුණට මුහුණ හමුවන අවස්ථාවකි.
ජුනි 12 වැනිදා සිංගප්පූරුවේදී එය පැවැත්වීමට මුලින් කතා කර තිබුණත්, පසුව ට්‍රම්ප් එය අවලංගු කෙරෙන බව පැවසීමත් සමග එය පැවැත්වෙන ස්ථානය හා වේලාව සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් පැහැදිලි නොමැති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.
මේ අතර තමන්ගේ න්‍යෂ්ටික බලාගාර ගලවා ඉවත් කිරීම පොරොන්දු වූ පරිදිම සිදුකළ බව උතුරු කොරියාව පවසා තිබුණි.
නමුත්, මෙවැනි තත්ත්වයක් තුළ පවා උතුරු කොරියානු නායකයා වෙත සෘජු ලිපියක් යොමු කරමින් සාකච්ඡාවලින් ඉවත් වන බව ට්‍රම්ප් පවසා තිබීම කනගාටුදායක බව උතුරු කොරියාවේ මතය විය.
එහිදී, තමන්ට ලිබියාවේ මෙන් විසඳුමක් අවශ්‍ය නොවන බව උතුරු කොරියාව පවසා තිබුණු අතර, එය උතුරු කොරියාවේ මෙන්ම එරට නායකයාගේද ආරක්ෂාව තහවුරු වන විසඳුමක් විය යුතු බව උතුරු කොරියාව පවසා තිබුණි.