සෞදියේ ඔටුන්න හිමි කුමරු ලෙස සිය පුතා වූ මොහොමඩ් බින් සල්මාන් කුමරු නම් කිරීමට සෞදි රජතුමා කටයුතු කර තිබේ.
මීට පෙර ඔටුන්න හිමි කුමරා ලෙස සිටි රජුගේ බෑනා වූ මොහොමඩ් බින් නයේෆ් එම පදවියෙන් ඉවත් කරමින් සිය පුතාට මෙය ලබාදීමට රජු කටයුතු කර තිබේ.
ඒ අනුව, දැනටමත් එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන 31 හැවිරිදි බින් සල්මාන් කුමරු මෙම පත්වීමත් සමග එරට නියෝජ්‍ය අගමැති ධුරයටද පත්වනු ඇත.
ධුරයෙන් ඉවත් කෙරුණු රජුගේ බෑනා වූ 57 හැවිරිදි බින් නයේෆ් නව ඔටුන්න හිමි කුමරු වෙත සිය රාජපාක්ෂිකභාවය දක්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.