එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දකුණු කොරියානු ජනාධිපතිවරණය වෙනුවෙන් තරග නොකරන බව නිවේදනය කර තිබේ.
දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිනියට එරෙහිව ක්‍රියාත්මක වූ ජනමත විචාරණයෙන් පසුව එරට ජනපති ධුරය සඳහා බැන් කී මූන් වඩාත් යෝග්‍ය පුද්ගලයා ලෙස සඳහන් වෙමින් පැතිර ගිය පුවත් සියල්ලම, හිටපු මහලේකම්වරයාගේ ප්රතික්ෂේපයත් සමග පුස්සක් බවට පත්ව තිබේ.
එමෙන්ම, බොහෝ දෙනෙකු මූන්ගේ මෙම ප්‍රකාශයෙන් විස්මයට පත්ව ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
මෙම නිවේදනය සිදුකරමින් මූන් වැඩිදුරටත් පවසා තිබුණේ තමා වසර 10ක කාලයක් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස ලබාගත් අත්දැකීම් රටේ එක්සත් භාවය යළි ඇති කිරීම සඳහාත්, සිදුව ඇති අර්බුද වෙත පිළියම් සෙවීම සඳහාත් යොදවන බවයි.