ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ ගෑස් ටැංකි සංකීර්ණයක් වෙත අයි.එස්. ඉස්ලාම් රාජ්ය අන්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන ප්රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
අගනගරයට උතුරින් වූ තාජි ප්රදේශයේ වූ මෙම ගෑස් සංකීර්ණයේ ගේට්ටු ඉදිරිපිට කාර් බෝම්බ තුනක් පුපුරා යෑමත් සමග මෙම මරාගෙන මැරෙන ප්රහාරයද එල්ල වී ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.
එහිදී, මරාගෙන මැරෙන බෝම්බ කට්ටල පැළඳගෙන පැමිණි පුද්ගලයන් හය දෙනෙකු විසින් එම සංකීර්ණය තුළට කඩා වැදී මෙම ප්රහාරය එල්ල කර තිබේ.
කෙසේ වෙතත්, ආරක්ෂක අංශ විසින් තත්ත්වය පාලනය කිරීමට සමත් වුවත්, මෙම ප්රහාරයෙන් ගෑස් ටැංකි තුනක්ද පුපුරා ගොස් තිබේ.
මෙහිදී, මියගිය පිරිසෙන් වැඩිදෙනා එම ගෑස් සංකීර්ණයේ සේවකයන් හා ආරක්ෂක අංශ නිලධාරීන් බව පැවසෙයි.