(UPDATE) ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි මගීන් අතරට වෑන් රථයක් ධාවනය කරවීමෙන් මියගිය පිරිස 13ක් බවත්, තුවාල ලැබූ පිරිස 80කට වැඩි බවත් වාර්තා වෙයි.
මේ අතර, සිද්ධියෙන් තුවාල ලැබූවන් අතරින් දස දෙනෙකුගේ තත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් භාරගෙන තිබුණි. බාසිලෝනාහි ලස් රම්බ්ලස් නම්වූ සංචාරක ප්‍රදේශයකදී වෑන් රථය අධික වේගයෙන් පදිකයන් දෙසට ධාවනය කිරීමත් සමග පිරිසක් රථයට යට වූහ.
ස්පාඤ්ඤයේ, බාසිලෝනා නගරයේ සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන ලාස් රැම්බ්ලාස් ප්‍රදේශයේ ජනතාව අතරට වෑන් රථයක් කා වැදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අයෙකු ජීවිතක්ෂයට පත්ව 32දෙනෙකු තුවාල ලබා තිබේ.
වේගයෙන් පැමිණි වෑන් රථය පදික වේදිකාව මතට කඩා වැදී මිනිසුන් යට කරමින් ඉදිරියට ඇදෙද්දී බොහෝ පිරිසක් ජීවිත බේරාගැනීමට අසල වූ කඩ සාප්පු හා අවන්හල් තුළට රිංගා ගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
එහිදී, වෑන් රථය හිතාමතාම මිනිසුන් යට කිරීමේ වෑයමකින් ධාවනය වූ බවද ඇසින් දුටු සාක්ෂිවලට අනුව සනාථ වන නිසා මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව පොලීසිය තහවුරු කර තිබේ.
කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් පසුව රථයේ රියදුරා පළාගොස් ඇති බව ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, බාසිලෝනා ප්‍රහාරයත් සමග ප්‍රදේශයේ උමං දුම්රිය ධාවනය අත්හිටුවීමට සහ දුම්රියපොළ වසා දැමීමටද බලධාරීන් කටයුතු කර තිබේ.
ප්‍රංශය, ජර්මනිය ආදී වශයෙන් යුරෝපය පුරා පසුගිය කාලයේ ඇති වූ ඉස්ලාම් ජිහාඩ් අන්තවාදීන්ගේ මෙවැනි ප්‍රහාර මාලාවන් අද වනවිට සමස්ත යුරෝපයම තැති ගැන්මකට ලක්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.