ඉන්දුනීසියාවේ බාලිදූපත් ආශ්රිත සංචාරක බෝට්ටුවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
බාලි දූපතේ සිට ලොම්බොක් දූපත වෙත යාත්‍රා කරමින් තිබියදී මෙම පිපිරීම සිදුව ඇති අතර, එම අවස්ථාවේදී විදේශීය සංචාරකයන් 35 දෙනෙකු එම බෝට්ටුවේ ගමන් කරමින් සිට ඇති බව විදෙස් වාර්තා පවසයි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇති දෙදෙනා කාන්තාවන් වන අතර අයෙක් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි.
කෙසේ වෙතත්, මෙම පිපිරීමට හේතුව යාත්‍රාවේ එන්ජිමේ දෝෂයක් යැයි විශ්වාස කෙරෙන අතර, මෙතෙක් එය අනාවරණය කරගෙන නොමැත.
එරට තුළ සංචාරක කර්මාන්තය සඳහා නිසි නඩත්තුවෙන් තොර යාත්‍රා යොදාගැනීම සම්බන්ධයෙන් මීට පෙරද චෝදනා එල්ල වී තිබේ.
මේ අතර, බාලි ආශ්‍රිතව ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන්ද කියැවෙන නිසා මෙය ත්‍රස්ත ප්‍රහාරයක්ද යන්න පිළිබඳවද පරීක්ෂණ සිදුවන බව පොලීසිය කියයි.