බ්‍රිතාන්‍යයේ ලුවී කුමරු කේට්ගේ කැමරා ඇසින්
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කැතරින් (කේට්) කුමරියට දාව බිහිවූ ලුවිස් (ලුවී) ආතර් චාල්ස් කුමරුගේ නවතම ඡායාරූප ද්විත්වයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
මෙම රාජකීය යුවළගේ දෙවැනි පුත් කුමරා ලෙස පසුගිය අප්‍රේල් 23දා ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේදී ලුවී කුමරු උපත ලැබීය.
බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන පස්වැන්නා බවට පත්ව සිටින ලුවී කුමරු දැක්වෙන මෙම නවතම ඡායාරූපවල තුන් හැවිරිදි චාලට් කුමරිය සිය කුඩා සොහොයුරා සිප ගන්නා ඡායාරූපය කාගේත් අවධානය දිනාගත්තක් බව විදෙස් වාර්තා පවසයි.
කේට් කුමරිය සිය අලුත උපන් බිළිඳා සමග කෙන්සිංග්ටන් මාලිගයේ පදිංචියට පැමිණි පසු, පසුගිය මැයි 02දා චාලට් කුමරියගේ තෙවැනි උපන් දිනය යෙදී තිබුණු දින මෙම ඡායාරූපය ලබාගෙන ඇත.
එමෙන්ම, අනෙක් ඡායාරූපය වන ලුවී කුමරු ඇඳක සුදු කුෂන් එකක තබා ඇති ඡායාරූපය ඔහුට දින තුනක් ඉක්ම ගිය පසුගිය අප්‍රේල් 26දා ගනු ලැබූ ඡායාරූපයකි.
මෙම ඡායාරූප ද්විත්වයම ලබාගෙන තිබුණේ කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය වන කේට් කුමරිය විසිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




