බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුට හා කේට් කුමරියට දාව උපන් ජෝර්ජ් කුමරුගේ පාසල් දිවියේ පළමු වැනි දිනය අද (07දා) උදෑසන වාර්තා විය.
තෙවැනි දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින කේට් කුමරිය ගර්භිනී සමයේ ඇතිවන ශාරීරික අපහසුතා හේතුවෙන් නිවසේ රැඳීම නිසා කුමරු පාසල වෙත ඇරලීමට විලියම් කුමරුට සිදුවිය.
කුමරු සමග පාසල වෙත යෑමට ඇයට දැඩි ඕනෑකමක් තිබුණත්, දකුණු ලන්ඩනයේ පිහිටි තෝමස් බටර්සී පාසල වෙත පැමිණ සිටියේය.
එහිදී, මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා විශාල මාධ්‍ය කණ්ඩායමක් පාසල අවට රැඳී සිටි බවත්, තවත් පිරිස් කුමරුට සුබ පැතීම සඳහා පැමිණ සිටි බවත් කියැවෙයි.
පියාගේ අතේ එල්ලී පැමිණි ජෝර්ජ් පළමු දිනයේ ලැජ්ජාශීලී බවක් හා තරමක නොසන්සුන්තාවක් පෙන්නුම් කළත් තම මව ඒ අවස්ථාවේ නොසිටීම ගැන කුමරු නොසන්සුන් හැසිරීමක් ප්‍රකට නොකළේය.
මහා බ්‍රිතාන්‍යයේ වඩාත් ප්‍රකට විදුහල්පතිනියක වූ සයිමන් ඕමොලී නායකත්වයෙන් පවත්වාගෙන යන මෙම විදුහලේ කණිෂ්ඨ අංශ ප්‍රධානී හෙලන් හැස්ලෙම් විසින් කුමරු පිළිගනු ලැබිණි.
වාර්ෂිකව ස්ටර්ලිං පවුම් 20,000ක ගෙවීමක් සිදුකළ යුතු මෙම විදුහල සතුව රාජකීය කුමාරයෙකුගේ මුල් ළමාවිය සංවර්ධනයට අවශ්‍ය බොහෝ ඉගෙනුම් ක්‍රියාවලි පවතින බව සඳහන් වෙයි.
විලියම් කුමරු මහත් අභිමානයෙන් යුතුව තම පුතු මුල් දින පාසලට රැගෙන පැමිණෙන විට, මින් වසර 30කට පෙර ඩයනා කුමරිය විසින් විලියම් කුමරු පළමු දැන පාසලට රැගෙන පැමිණියාය.