වඩාත් භයානක හා ආක්‍රමණශීලී ඉස්ලාමීය අන්තවාදී අදහස් බ්‍රිතාන්‍යයේ බර්මින්ග්හැම් පාසල් අධ්‍යාපන පද්ධතියට රහසේ ඇතුළු කිරීමට ගිය කුමන්ත්රණයක සුලමුල දැක්වෙන බ්‍රිතාන්‍ය රජයේ විශේෂ වාර්තාවක් හෙළිකිරීමට ගාඩියන් පුවත්පත කටයුතු කර ඇති බව බී.බී.සී.ය පවසයි.
බ්‍රිතාන්‍යයේ ඇතැම් ඉස්ලාමීය සංවිධාන විසින් බර්මින්ග්හැම් හි පාසල්වල පාලනය සියතට ගනිමින් මෙම අන්තවාදී අදහස් අධ්‍යාපන පද්ධතියට ඇතුළු කිරීමේ න්‍යාය පත්‍රයක් අනුගමනය කරමින් සිට ඇති බව මෙම වාර්තාවේ දැක්වෙන බව කියැවෙයි.
ලබන සතියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත මෙම වාර්තාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙතෙක් අදහස් දක්වා නොමැති බවද කියැවෙයි.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වූ පීටර් ක්ලාක් විසින් මෙම වාර්තාව සකසා ඇති අතර, ඔහු හිටපු ප්‍රති-ත්‍රස්ත පොලිස් ඒකකයේ ප්‍රධානියා ලෙසද කටයුතු කළ අයෙකි.
එම වාර්තාවට අනුව, බර්මින්ග්හැම් පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන්ගේ මනසට සුන්නි අන්තවාදී අදහස් ඇති කරමින්, කණ්ඩායම්වලට බෙදීම හා ආක්‍රමණශීලී මානසිකත්වයන් ඇති කෙරෙන පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කර ඇති බව හෙළි වී තිබේ.