බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු චතුරස්‍රයෙහි ඉන්දීය නිදහස් සටනේ පියා වූ මහත්මා ගාන්ධිගේ පිළිරුවක් ස්ථාපිත කිරීමට එරට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් සිටින එරට රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු පිරිසක් මෙසේ පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
බ්‍රිතාන්‍ය මුදල් ඇමති ජෝර්ජ් ඔස්බෝන් මෙය හඳුන්වා ඇත්තේ ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයේ පියා ලෝක පාර්ලිමේන්තු සම්ප්රදායේ මව ඉදිරියේ පිළිගැනීමට ලක්වීමක් ලෙසිනි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු චතුරස්‍රය තුළ වින්සන්ට් චර්චිල්, නෙල්සන් මැන්ඩෙලා ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය නායකයන් රැසකගේ පිළිරූ රැසක් මේ වනවිටත් ස්ථාපිතව පවතී.